Tuesday, February 7, 2012

ඇයිද ගියේ තනිකර මා

කිමද මා හදේ මෙතරම්
දුක් සුසුම් ඔබේ නමින්
කදුළු ඇයි මෙතරම්
ගලා යන්නේ මගේ නෙතින්
මා හදපතුලේ තිබු ආලයට
නිගා කලේ ඇයි නුඹ
දැන නොසිට්න්න ඇති නුඹ
මාහදේ ඇති ආලයේ තරම
ආලය කලා පණමෙන්
ඔබේ ලගින් සිට
ඇයිද ගියේ තනිකර
මා කල වරද කිම

Monday, February 6, 2012

නුඹ ගියා දුරකට දුක තියා මගේ ළග

නුඹ ගියා දුරකට
දුක තියා මගේ ළග
තැවි තැවි මගේ සිත
නුඹ සොයයි සැමතැන
රහසින් හැඩු මගේ සිත
හඩයි අද එලිපිට
මටත් නොදැනීම කදුළු කැට
වැටෙයි මගේ නෙතින් අද..
මෙතරම් ආදරේ කලත් මම
මා තනිකර වෙනකෙකු වෙත
ගියේ ඇයි නුඹ ?
හිතාගන්න බෑ තවමත් මට…
හිමි නොවුනත් නුඹ මට
තවම ආදරෙයි නුඹට මම...tlm

Thursday, February 2, 2012

එදත් ඓහෙමයි අදත් ඓහෙමයි


අදත් ඉද හිට
ඇස් පියාගෙන
අපේ මතකයේ...
මං සැරිසරනවා...

මටත් නොදැනිම
දෙනෙත් අද්දර
උනු කදුළුකැටි පිරෙනවා...

එදත් ඓහෙමයි
අදත් ඓහෙමයි
තනිව මා දුක විදිනවා....
(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ වාසනා ගනේගම)

කියන්න ඇයට,.


සිතා ඇති ඇය, ඔබ ඇය සොයා පැමිණි ආදරය බව,.
කියන්න ඇයට,.
මා ඇයට දුන්නේ, මට අහිමි විජිතය බව,.
කියන්න ඇයට,.
මා ඇයට දුන්නේ, මගේ දිවිතුරු සතුට බව,.
කියන්න ඇයට,.
මා ඇයට දුන්නේ, මගේ මල් සිනහා බව,.
කියන්න ඇයට,.
මා ඇයට දුන්නේ, මගේ සිහින මාළිගය බව,.
කියන්න ඇයට,.
අද ඇය සතුව ඇත්තේ,. මගේ හුස්ම බව,...
(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ වාසනා ගනේගම)