Monday, March 5, 2012

සතුට රැගෙන
නුඹ ගිය දා
කදුළු අරන්
මම හැඩුවා

රෑ සිහිනෙට

නුඹ ආ දා
නින්දට මා
බිය වුවා

එදා මතකයන්
සිහි වු දා
නින්ද නැතුව
මා සිතුවා

කිමදැයි මා
වැලපෙන්නේ
කිමදැයි මා
විදවන්නේ

සසරේ මට
උරුම කෙනා
නුඹ නොමවෙයි
මට සිතුනා
....................
........t l m..

Tuesday, February 7, 2012

ඇයිද ගියේ තනිකර මා

කිමද මා හදේ මෙතරම්
දුක් සුසුම් ඔබේ නමින්
කදුළු ඇයි මෙතරම්
ගලා යන්නේ මගේ නෙතින්
මා හදපතුලේ තිබු ආලයට
නිගා කලේ ඇයි නුඹ
දැන නොසිට්න්න ඇති නුඹ
මාහදේ ඇති ආලයේ තරම
ආලය කලා පණමෙන්
ඔබේ ලගින් සිට
ඇයිද ගියේ තනිකර
මා කල වරද කිම

Monday, February 6, 2012

නුඹ ගියා දුරකට දුක තියා මගේ ළග

නුඹ ගියා දුරකට
දුක තියා මගේ ළග
තැවි තැවි මගේ සිත
නුඹ සොයයි සැමතැන
රහසින් හැඩු මගේ සිත
හඩයි අද එලිපිට
මටත් නොදැනීම කදුළු කැට
වැටෙයි මගේ නෙතින් අද..
මෙතරම් ආදරේ කලත් මම
මා තනිකර වෙනකෙකු වෙත
ගියේ ඇයි නුඹ ?
හිතාගන්න බෑ තවමත් මට…
හිමි නොවුනත් නුඹ මට
තවම ආදරෙයි නුඹට මම...tlm

Thursday, February 2, 2012

එදත් ඓහෙමයි අදත් ඓහෙමයි


අදත් ඉද හිට
ඇස් පියාගෙන
අපේ මතකයේ...
මං සැරිසරනවා...

මටත් නොදැනිම
දෙනෙත් අද්දර
උනු කදුළුකැටි පිරෙනවා...

එදත් ඓහෙමයි
අදත් ඓහෙමයි
තනිව මා දුක විදිනවා....
(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ වාසනා ගනේගම)

කියන්න ඇයට,.


සිතා ඇති ඇය, ඔබ ඇය සොයා පැමිණි ආදරය බව,.
කියන්න ඇයට,.
මා ඇයට දුන්නේ, මට අහිමි විජිතය බව,.
කියන්න ඇයට,.
මා ඇයට දුන්නේ, මගේ දිවිතුරු සතුට බව,.
කියන්න ඇයට,.
මා ඇයට දුන්නේ, මගේ මල් සිනහා බව,.
කියන්න ඇයට,.
මා ඇයට දුන්නේ, මගේ සිහින මාළිගය බව,.
කියන්න ඇයට,.
අද ඇය සතුව ඇත්තේ,. මගේ හුස්ම බව,...
(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ වාසනා ගනේගම)

Monday, January 30, 2012

මo ජෝකර්

වෙලාවකට හිතෙනව
මටම මo ජෝකර්
කෙනෙක් කියල
ඇයි දන්නවද ඒ
කොච්චර දුකෙන්
හිත අඩ අඩ හිටියත්
මුණේ තියන හිනායන
ගතියෙන් තමන්ගේ
ඇත්ත මුණ ව්හන්නෙ ඉන්නෙ
ඒක නිසා
කාටවත් ඒ දුක
පෙන්න්නෙ නෑනෙ
එයාගෙ ජොබ් එක අනිත් අයව
සතුටින් තියන්න මිසන්
තමන්ගේ සතුට ගැන හිත හිත
ඉන්න එක නෙවෙයිනේ [ t l m ]

මා මිරිගුවක් ලෙස දුටු ආදරය

හද උතුරා පිටාර යන්නනට තරම් සතුට
සතුට සමග දුක ටිකෙන් ටික සතුටයි දුකයි Oකරයි
පුoචි හිතකට උහුලන්න බැරි තරම් දුක් කන්දරාවක්….
මහ සාගරයට වත් දරන්න බැරි තරම්
සිතලම සීතළ කදුළු කැටි අනන්තයක්
මෙයයි මා මිරිගුවක් ලෙස දුටු ආදරය