Monday, March 5, 2012

සතුට රැගෙන
නුඹ ගිය දා
කදුළු අරන්
මම හැඩුවා

රෑ සිහිනෙට

නුඹ ආ දා
නින්දට මා
බිය වුවා

එදා මතකයන්
සිහි වු දා
නින්ද නැතුව
මා සිතුවා

කිමදැයි මා
වැලපෙන්නේ
කිමදැයි මා
විදවන්නේ

සසරේ මට
උරුම කෙනා
නුඹ නොමවෙයි
මට සිතුනා
....................
........t l m..

Tuesday, February 7, 2012

ඇයිද ගියේ තනිකර මා

කිමද මා හදේ මෙතරම්
දුක් සුසුම් ඔබේ නමින්
කදුළු ඇයි මෙතරම්
ගලා යන්නේ මගේ නෙතින්
මා හදපතුලේ තිබු ආලයට
නිගා කලේ ඇයි නුඹ
දැන නොසිට්න්න ඇති නුඹ
මාහදේ ඇති ආලයේ තරම
ආලය කලා පණමෙන්
ඔබේ ලගින් සිට
ඇයිද ගියේ තනිකර
මා කල වරද කිම

Monday, February 6, 2012

නුඹ ගියා දුරකට දුක තියා මගේ ළග

නුඹ ගියා දුරකට
දුක තියා මගේ ළග
තැවි තැවි මගේ සිත
නුඹ සොයයි සැමතැන
රහසින් හැඩු මගේ සිත
හඩයි අද එලිපිට
මටත් නොදැනීම කදුළු කැට
වැටෙයි මගේ නෙතින් අද..
මෙතරම් ආදරේ කලත් මම
මා තනිකර වෙනකෙකු වෙත
ගියේ ඇයි නුඹ ?
හිතාගන්න බෑ තවමත් මට…
හිමි නොවුනත් නුඹ මට
තවම ආදරෙයි නුඹට මම...tlm

Thursday, February 2, 2012

එදත් ඓහෙමයි අදත් ඓහෙමයි


අදත් ඉද හිට
ඇස් පියාගෙන
අපේ මතකයේ...
මං සැරිසරනවා...

මටත් නොදැනිම
දෙනෙත් අද්දර
උනු කදුළුකැටි පිරෙනවා...

එදත් ඓහෙමයි
අදත් ඓහෙමයි
තනිව මා දුක විදිනවා....
(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ වාසනා ගනේගම)

කියන්න ඇයට,.


සිතා ඇති ඇය, ඔබ ඇය සොයා පැමිණි ආදරය බව,.
කියන්න ඇයට,.
මා ඇයට දුන්නේ, මට අහිමි විජිතය බව,.
කියන්න ඇයට,.
මා ඇයට දුන්නේ, මගේ දිවිතුරු සතුට බව,.
කියන්න ඇයට,.
මා ඇයට දුන්නේ, මගේ මල් සිනහා බව,.
කියන්න ඇයට,.
මා ඇයට දුන්නේ, මගේ සිහින මාළිගය බව,.
කියන්න ඇයට,.
අද ඇය සතුව ඇත්තේ,. මගේ හුස්ම බව,...
(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ වාසනා ගනේගම)

Monday, January 30, 2012

මo ජෝකර්

වෙලාවකට හිතෙනව
මටම මo ජෝකර්
කෙනෙක් කියල
ඇයි දන්නවද ඒ
කොච්චර දුකෙන්
හිත අඩ අඩ හිටියත්
මුණේ තියන හිනායන
ගතියෙන් තමන්ගේ
ඇත්ත මුණ ව්හන්නෙ ඉන්නෙ
ඒක නිසා
කාටවත් ඒ දුක
පෙන්න්නෙ නෑනෙ
එයාගෙ ජොබ් එක අනිත් අයව
සතුටින් තියන්න මිසන්
තමන්ගේ සතුට ගැන හිත හිත
ඉන්න එක නෙවෙයිනේ [ t l m ]

මා මිරිගුවක් ලෙස දුටු ආදරය

හද උතුරා පිටාර යන්නනට තරම් සතුට
සතුට සමග දුක ටිකෙන් ටික සතුටයි දුකයි Oකරයි
පුoචි හිතකට උහුලන්න බැරි තරම් දුක් කන්දරාවක්….
මහ සාගරයට වත් දරන්න බැරි තරම්
සිතලම සීතළ කදුළු කැටි අනන්තයක්
මෙයයි මා මිරිගුවක් ලෙස දුටු ආදරය

අපේ ආදරේ

මොන තරම් අඩුපාඩු තිබුනත්
අපේ ආදරේ ලස්සනයි නේද ?
ඔයාට ඒක දැනේවි...
මං දන්නවා ඔයා මට ආදරෙයි
ඔයාට වෙන කෙනෙක්ගේ
උරහිසට බර වෙලා
නිදියන්න බැරි වේවි...
වෙන පපුවකට......,
උණුහුමකට තුරුල් වෙන්න නම්
කවදාවත්ම බැරි වේවි...
ආදරෙන් ඉබින්න
ඔය කම්මුල් දෙන්න බැරි වේවි...
ඔයාට මාව මතක් වේවි ,
මට වගේම ලෝබ හිතේවි
මැරෙනකල් හිත රිදේවි...
ඒ ගැන මං තරම් දන්නා
වෙන කෙනෙක් නෑ රත්තරන්........
ඔයාව මට වටිනවා වගේම
කවදාවත්ම ඔයාට තනි වෙන්න නම්
මං ඉඩ දෙන්නේ නෑ...
ඔයා දන්නවද ?
ඔයා ඇගිලි පැටලෙන්නේ
මගේ අත්වල විතරමයි කියලා..................

වේදනාවත් සතුටක් මට.

අවසර දෙන්නම් හිත ඇතුලටම එබෙන්න...
රිද්දුවත් කමක් නෑ ආසයි විදින්න..
වේදනාවත් සතුටක් මට..

ඔබ ඈත යන දාට..
බාලාගෙන ඉන්නම් කදුලු පිරි දෙනෙතින්..
ආසයි ඉඩ දෙන්න කදුලු බිදුවකට, සෝදන්න මගේ දුක...
ඒ පාලු රුදුරු බව...

දනිමි නුබ අහිමි බව..
සිතට නොව තේරෙන්නේ..
විදවන්න අවසරයි ආදරේ අහිමි බව..

ලගින් ඉන්නට සිතයි..
විදවමින් ඒ සතුට..
දුකක් බව දැන දැනම ලන් වෙන්නේ කිමද මම

නුබේ උකුලේ සැතපෙන්න..
නුබෙන් හුරතල් වෙන්න..
නුබෙ දෙතොල් සිප ගන්න
හිත පතයි මට හොරෙන්..

මම දන්න එකම දේ
නුබ මාගෙ නොවන බව
සිත නොදැන ඒ වගක්
පෙම් කරයි නුබට තව

කදුළු අතර සිරවුනු ලස්සන ආදර කතාව

මතකයිද අතීතය
බැදුනු දෙහදක
කදුළු අතර සිරවුනු
ලස්සන ආදර කතාව…
සිහි වෙන විට අතීතය
ගලයි කදුළු මටත් නොදැනීම…
මතක් වන විට ඒ අතීතිතය
සිත රිදෙන්නේ රහසේම…
ජීවිතය යලි පටන් ගනු මිස
දමා ගිය හිමි නොවනා ආලයේ
කදුළ සහ දුක කිමටද..... tlm

හිත් කොනකවත් මගේ ආදරය තියාගන්න්න

අදුරු රාත්‍රියකින් පසුව ලස්සන දවසක් උදා වෙනවලු...
හෙට දවසෙදි ඔයා නැතිව ගෙවන දවස මං කොහොමද කියන්න
ලස්සන කරගන්නේ .. ඔයාට නම් මං නැතිව හැම දවසක්ම ලස්සන ඇති ..
ඒත් හිත් කොනකවත් මගේ ආදරය තියාගන්න්න..
ආයිත් මග තොටදිවත් හමුවුනොත් බලාගන්න මට .

අදුරුයි සිත තවම


සද ගියා නික්මිලා
අමාවක එළබිලා
පාළුයි මගේ ලොවම
අදුරුයි සිත තවම...
මගෙ ළගම දැවටිලා
ලය මතට හිස තබා
උන්නු හැටි මගෙ ගාව
සිහියට නැගෙන විට
නිදි නැති නෙත පුරා
කදුළු එයි නෙත් අගින්…….

Saturday, January 28, 2012

මටත් නොදැනීම මගේ සිත සොරාගෙන ඔබ

මටත් නොදැනීම මගේ සිත
සොරාගෙන ඔබ
මිතුරියක ලෙස හිද..
සිතුවේ මම ලo වෙන්න
ඔබ පෙම්වතා ලෙස..
තිබුනේ මහ බියකි
පවසන්නට මෙය නුබට..
පැවසුවා එය නුබට
නිමාවක් නොමැති
ලස්සනම ලස්සන
නිල්ම නිල් පාට
අහසටත් , සයුරටත් වඩා
එහාගිය ආදරයක්
ඔයා වෙනුවෙන්ම
මගේ හිතේ තියනවා..
මo ආදරෙයි මගේ රත්තරo
මගේ පණටත් වඩා ඔයාට..
එයට පිළිතුරු ලෙස කිවෙ ඇය
මගේ පිස්සා කියා පමණයි.. tlm

ඔයා මට කොච්චර ආදරෙයිද

ඒ දවස් වල
අපි දෙන්නා මරා ගත්ත
විදිහට…
කව්ද හිතුවේ
අපිට ආයෙත් මේ වගේ
සතුටින් ඉන්න පුලුවන් වෙයි
කියලා…
මට දැනුයි තෙරෙන්නේ
ඔයා මට කොච්චර
ආදරෙයිද කියලා…
ඒ දවස් වල
මo මගේ පැටියව
හුගාක් සැක කලා
මන් ඔයගෙ හිතට ගොඩාක්
වද දුන්නා
ආයෙත් කවම දාකවත්
එහෙම වෙන්න දෙන්නේ
නැ නෑ මයි
මට සමාවෙන්න මගේ පැටියෝ…
මම මගේ පැටියව
ගොඩාක් හොදින් බලාගන්නවා
කියන එක අද මo මට ම
පොරොන්දු වෙනවා ..........

මුළු ජිවිතයම ලස්සනම ලස්සන විලක් වගේ

ආදර වරැසාවට තේමිමෙන් මගේ මුළු ජිවිත විලම
ආදරය නැමති සිසිල් දියෙන් පිරි දොරේ ගලන්නට විය,
දිය පිරී මල් පිපි
මුළු ජිවිතයම
ලස්සනම ලස්සන
විලක් වගේ …
ලස්සන‍යි ලස්සනයි
ලස්සනම ලස්සනයි
අද මගේ ජිවිතයම
ලස්සනම ලස්සන
මල් පිපුන විලක් වගේ…
නුබ ලැබෙයි සුව ලැබෙයි
ජිවිතේත් මල් පිපේයි…
දුක් නොදෙයි
කිසි විටෙක
රකිමි නුබ සදා කල්… tlm

ඔයා නැතුව අපි හදපු හීන මලිගා කඩන්වැටෙන හැටි

කියන්න
මගේ ආදරේ ඇති අඩුව මොකක්ද කියලා...
බැරි උනා ඔය කටහඩ අහන්නේ නැතුව
එකම එක දවසක්වත්ඉන්න…
පුළුවන් හැම වෙලාවකදිම
ඔය සුදු මුණට හිනාව ගෙනාවේ නැද්ද…
හැමොටම වැඩියෙන් ආදරේ කලා ඔයාට...
හීන මැව්වා ඔය හිත සතුටින්,
ආදරෙන් පුරවන්න…
පොරොන්දු උනා
ඔයා අකමැති දේවල් නොකරන්න…
හිතන්න ඔයා නැතුව අපි හදපු
හීන මලිගා කඩන්වැටෙන හැටි,
කියන්න,
මට මේ තරම් දුකක් දෙන්න
මo කරපු වරද මොකක්ද කියලා,
කියන්න ඇයි මට මෙච්චර
ලo උනේ කියලා…
කියන්න ඇයි මගේම ජීවිතය
මටම එපාකලේ කියලා..

මායාවකි සියල්ල


                           ලගින්ම සිට
                       දුන්නා ඇය දහසක් හීන
                     දහසක් පැතුම් ලැබුනා ජීවිතයටම
                          මායාවකි සියල්ල
                      පෙන්වු ආදරය බොරුය මට…
                         මගෙන් ලද පෙමට
                         දූන්නේ දුකමයි ඇය
                        මගෙන් වෙන්වුනි ඇය…
                       නො පැතු නොසිතු ලෙස
                       ඔබ ඇවිත් මගෙ ලොවට
                        අදුර රජකල මගේ හද
                       සායම් කලා ලස්සනට ඔබ…
                         දැනෙයි මගෙ හදට
                         ආදරෙ ඔබේ තදින්ම
                        දැනේ බියක් මේ සිතට
                        නැති වෙදෝ ඔබත් මට ..

කව්රුවත් එන්නැති මගේම ලෝකෙකට…

පාවෙන්න ආසයි
හැමදේකින්ම ඈතට ..
පියබන්න ආසයි ආසයි
කව්රුවත් එන්නැති මගේම ලෝකෙකට…
ඉන්න ආසයි ඈත්වෙලා හැමදේකින්ම
හිස්වු මනසක් සමග..
පියබන්න නිල් අහස පුරාම
කවුරුත්ම මට ලoනොවෙනසේ…
කිමිදෙන්නට හිතයි මහා
සාගරයේ ගැඹුරුම තැනට..
කෑලි කර හංගන්න
හිරි වැටී ඇති මගේ හිත… tlm