Monday, January 30, 2012

අපේ ආදරේ

මොන තරම් අඩුපාඩු තිබුනත්
අපේ ආදරේ ලස්සනයි නේද ?
ඔයාට ඒක දැනේවි...
මං දන්නවා ඔයා මට ආදරෙයි
ඔයාට වෙන කෙනෙක්ගේ
උරහිසට බර වෙලා
නිදියන්න බැරි වේවි...
වෙන පපුවකට......,
උණුහුමකට තුරුල් වෙන්න නම්
කවදාවත්ම බැරි වේවි...
ආදරෙන් ඉබින්න
ඔය කම්මුල් දෙන්න බැරි වේවි...
ඔයාට මාව මතක් වේවි ,
මට වගේම ලෝබ හිතේවි
මැරෙනකල් හිත රිදේවි...
ඒ ගැන මං තරම් දන්නා
වෙන කෙනෙක් නෑ රත්තරන්........
ඔයාව මට වටිනවා වගේම
කවදාවත්ම ඔයාට තනි වෙන්න නම්
මං ඉඩ දෙන්නේ නෑ...
ඔයා දන්නවද ?
ඔයා ඇගිලි පැටලෙන්නේ
මගේ අත්වල විතරමයි කියලා..................

No comments:

Post a Comment