Monday, January 30, 2012

වේදනාවත් සතුටක් මට.

අවසර දෙන්නම් හිත ඇතුලටම එබෙන්න...
රිද්දුවත් කමක් නෑ ආසයි විදින්න..
වේදනාවත් සතුටක් මට..

ඔබ ඈත යන දාට..
බාලාගෙන ඉන්නම් කදුලු පිරි දෙනෙතින්..
ආසයි ඉඩ දෙන්න කදුලු බිදුවකට, සෝදන්න මගේ දුක...
ඒ පාලු රුදුරු බව...

දනිමි නුබ අහිමි බව..
සිතට නොව තේරෙන්නේ..
විදවන්න අවසරයි ආදරේ අහිමි බව..

ලගින් ඉන්නට සිතයි..
විදවමින් ඒ සතුට..
දුකක් බව දැන දැනම ලන් වෙන්නේ කිමද මම

නුබේ උකුලේ සැතපෙන්න..
නුබෙන් හුරතල් වෙන්න..
නුබෙ දෙතොල් සිප ගන්න
හිත පතයි මට හොරෙන්..

මම දන්න එකම දේ
නුබ මාගෙ නොවන බව
සිත නොදැන ඒ වගක්
පෙම් කරයි නුබට තව

No comments:

Post a Comment